Wednesday, February 5, 2014

හිතන්නට යමක් !

වේලාව : පස්වරු 6.30
ස්ථානය : කොළඹ - මීගමුව බස් රථයක් තුළ


ඒ මම මාගේ පන්තියට සහභාගී වී නැවත නිවසට එමින් සිටි අතරවාරයයි. පිටකොටුවෙන් හනි හනිකට කොළඹ - මීගමු බස් රථයක ගොඩ වූයේ අදවත් රෑ බෝ වෙන්නට පෙර නිවසට යෑමේ අදහසිනි. ගමන් මහන්සියද නොතිබුණාම නොවේ. හනිකට බසයට නැගගත් මට හිතට යම් සැනසිල්ලක් දැනුනේ බසයේ හිස් ආසන දැකීම නිසාය. මම කැමතිම අසුන වන රියදුරු අසුනට පසුපස අසුනේ හිදගත් මම මගේ ජංගම දුරකථනය අතට ගත්තේ ගීතයකට සවන් දීමේ අදහසිනි. වාහනයක ගමන් කරමින් සිටියදී ගීත වලට සවන් දීම තවත් මාගේ ප්‍රියතම විනෝද්‍යාංශයක් කිව්වාට වරදක් නැත.

කාලය කෙමෙන් ගෙවී ගියේය..බස් රථයට නැග්ගේ යාචකයෙකි. දරුණු පිළිකාවකින් පෙළෙන බව කී ඔහු වෛද්‍ය වාර්ථා පෙන්වමින් මගීන් ළග වැද වැටුණේය. සමහරු අහක බලාගත්හ.තවත් සමහරු අතේ ඇති කීයක් හරි දී අහක බලාගත්හ.සමහර විට කරදරෙන් බේරෙන්නට කීයක් හරි දුන්නා විය හැකිය.මමද අතේ ඇති ගානක් දී අහක බලා ගතිමි.

..............

නමුත් මගේ සිත මට එසේ ඉන්නට දුන්නේ නැත. උසස් පෙළ අමතර පන්ති යන කාලයේ පන්තියේ ගුරුතුමා අපට පෙන්වූ වීඩියෝ දර්ශන පෙළක් සැනෙකින් මගේ මතකයට නැගුනි. ඇත්තටම ඔහු අපට එම වීඩියෝ දර්ශන පෙන්වූයේ අප සිත් තුළ ආත්ම විශ්වාසයක් හා ධෛර්යයක් ඇති කිරීමටය. මෙම සිද්ධිය හා එම දර්ශන පෙළ එකිනෙක ගළපා ගැනීම ඔබට බාර කරමි.

..............

මේ ඔහුගේ ජීවිත කථාවයි.....

අවුරුදු ගණනාවක් දරුවන් නොමැතිව සිටි වෝ අච්ච් යුවළට දරුවෙකු ලැබීම මහත් සතුටක් වුවත් එම සතුට පැවතියේ ඉතාම ටික කාලයකි. ඒ මන්දයත් ඔවුනට ලැබුනු එකම දරුවා උපතින් පූර්ණ ආබාධිතයෙකු වීමයි. මෙය කෙළෙසකවත් දෙමව්පියන් දෙපළට දරාගත හැකි දෙයක් වූවේ නැත. නමුත් දෙවියන් දුන් එම දරුවාව රටට සම්පතක් කිරීමට ඔවුන් සිතාගන්නට ඇත.

Nick Vujicic නම් ඔහු කුඩා කළ සිටම සිටියේ තමන් ගැනම කළකිරීමෙනි.අනිත් ළමුන් සෙල්ලම් කරද්දී,යාඑවන් සමග එකට විනෝද වෙද්දී ඔහුට සිදුවූයේ ඒ දෙස දුකින් බලා සිටීමටය.
මන්දයත් උපතින්ම ඔහුගේ දෙඅත් සහ දෙපා අහිමි වූ බැවිනි. වයස අවුරුදු 8 දී සියදිවි හානි කරගන්නට උත්සහ කළේද එබැවිනි. නමුත් එක් සිද්ධියක් නිසා ඔහුගේ සිත වෙනස් වෙයි. ඔහු තම ජීවිතයෙන් අනිත් අයගේ ජීවිතය ආලෝකමත් කිරීමට තීරණය කරයි.

ඒ අනුව ක්‍රියා කරපු ඔහු දැන් ලොව සුපිරිතම බිලියනපතියෙකි. උපාධි දෙකක හිමිකරුවෙකි. ජීවිතයේ සතුට අනිත් අයට කියාදෙන දේශකයකි.මේ වීඩියෝවෙහි තිබෙන්නේ ඔහුගේ එම කථාවයි. එමගින් යම්කිසි දෙයක් ඔබගේ ජීවිතයටද එක්කර ගන්න. මිතුරන්ටද Share කරන්න. එවිට ඔවුන්ගේ ජීවිතවලටද ඔබ යම්කිසි ශක්තියක් ලබාදුන්නා වනු ඇත.